ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

Sunday, May 2, 2021

පන්හිඳ ආ ගමන් මඟ


2020 මාර්තු 12 වෙනි දින අවසන් කාලඡේදය වනවිට නොසිතූ දෙයක් ලංකාවේ පාසල් පද්ධතියටම සිඳු විය. එනම් අප්‍රේල් 20 වෙනි දින දක්වා පාසල් වලට නිවාඩු ලබාදීමයි. එයට හේතුව වූයේ ගෝලීය වසංගතයක් බවට පත්වූ Covid - 19 වැලැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයන්ය.

හැමෝම නිවාඩුව නිසා සතුටු වූවත් රෝගයට තිබෙන බිය නිසාවෙන් ගෙදරටම කොටු වන්නට විය. නමුත් දින සති ගෙවී යනවිට අපි හැමෝටම පාහේ යම් අඩුවක් දැනෙන්නට විය. එනම් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යන්නේ කෙසේද, විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට උදව් කරන්නේ කෙසේද යන්නයි.

ඒ සඳහා ඇති හොඳම විසඳුම තාක්ෂණය සමඟ එකතුවීම නිසාවෙන් WhatsApp හරහා දරුවන් එකතු කරගෙන ප්‍රශ්න පත්‍ර හා පාඩම් ලබා දෙන ලදී.

මේ අතර තුරේදී හිතට ආ පුංචි අදහසක්, අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා දැනට පරිගණක විද්‍යාව සම්බන්දයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරණ අතුල රන්ජන් පුතණුවන් සමඟ සාකච්ඡා කළ අතර නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නට සූදානමින් සිටින ඔහු කිසිදු පැකිලීමකින් තොරව දරුවන් වෙනුවෙන් මෙම කාර්යයට උර දෙන්නට කැමති විය.

ආයතනයක් වශයෙන් කටයුතු කරන විට ප්‍රධානියාගේ අදහස් හා එකඟතාවය අනුව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගතහැකි බව දන්නා නිසාවෙන් ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු අනෙකුත් අධ්‍යක්ෂක මඩුල්ලෙන් අවසර පැතීය. ඔවුන්ගේ අශිර්වාද, මඟ පෙන්වීම හා සහයෝගය මත කාර්යය ආරම්භ කරන ලදී.

නොයෙකුත් අපහසුතා මධ්‍යයේ වූවද මසකට අඩු කාල සීමාවක් තුලදී මේ සියලුදෙනාගේම ආශීර්වාදය මත හා අතුල රන්ජන් පුතණුවන්ගේ අසහාය කැපවීම මත "පන්හිඳ" ආරම්භ කිරීමට හැකියාව ලැබුණි.

මෙය දැයේ දරුවන්ට ජිවන අභියෝග ජයගතහැකි තක්ෂලාවක් වේවායි කලාපයේ අපේ පැතුමයි.

ඉවන්ත හෙට්ටිහේවා
ගණිත විෂය සම්පත්දායක
ගම්පොල අධ්‍යාපන කලාපය
ගම්පොල

අතුල රන්ජන්
[Undergraduate in BSc Hons (Computer Science)]
විද්‍යා පීඨය
යාපනය විශ්වවිද්‍යාලය
යාපනය

Share:

0 comments:

මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *