ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ පණිවිඩය...

testimonial

ගොලීයකරණය හමුවේ කිසිදු රාජ්‍යයකට වර්ථමානය වන විට හුදකලාව ජීවත් විය නොහැකි මෙන්ම යම් අර්බුදකාරී අවස්ථාවක් උදාවූ විටද සියලු රාජ්‍යන්වලට එකසේ බලපෑම් කරයි. එවැනි අවස්ථාවකට 2020 වන විට ශ්‍රී ලංකාවටද මුහුණ දීමට සිදුවී ඇත. ශ්‍රී ලාංකිකයන් වශයෙන් උදාර අධ්‍යාපන මෙහෙවරක යෙදී සිටින අපි මෙතෙක් ආ ගමන් මග වෙනස් කිරීමට කාලය එළඹ ඇත.

"වෙනස් වන ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි නිපුනතාවයන්ගෙන් පරිපූර්ණ සිසු පරපුරක් බිහි කිරීම සදහා ජාතික, අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූලව ගම්පොල කලාපයේ පාසල්වල ගුණාත්මක කලමනාකරණ සංස්කෘතියක් බිහි කිරීමෙහිලා පවත්නා සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනයෙන් දායකවීම " මෙහෙවර කොට ගත් අපද නිවෙස්වල රැදෙන දරැවන් හට අන්තර්ජාලය හරහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ සංස්කෘතියක් බිහිකිරීමේ අභියෝගයන්ට මුහුණ පා සිටින්නෙමු. එවැනි අවස්ථාවක සාම්ප්‍රධායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය නවීන ක්‍රමවේද සොයා යායුතුව ඇත. විශ්වීය පරිණාමන තත්වයන්ට අනුගත අධ්‍යාපන ක්‍රියාවලියක කොටස්කරුවන් වීමට අපට සිදුව තිබේ.

ගම්පොල කලාපයට සුවිශේෂී වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කොටගත් "පන්හිඳ" ගුණාත්මක අධ්‍යාපනයක් මගින් අභියෝග හමුවේ නොසැලෙන සහජීවනයෙන් යුතු මතු පරපුරක් බිහි කිරීමට දායකවන තක්ෂිලාවක් වනු ඇතැයි විශ්වාස කරමි.

ජී.ජී. ආනන්ද ප්‍රේමසිරි මයා

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා
කලාප අධ්‍යාපන කාර්යාලය
ගම්පොල

මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *