ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

Saturday, April 11, 2020

කඩොලාන වෙනත් ගස්වලට වඩා වැදගත් වන්නේ ඇයි?


ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව කඩොලාන කෙරෙහි වැඩි අවධානයක් නොදැක්වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම ලෝකයේ වෙනත් රටවල් කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා දැඩි අවධානයක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කඩොලාන සංරක්ෂණ වැඩසටහන්, 2010 වසරේදී ජපානයේදී එළිදැක්වූ ලෝක කඩොලාන සිතියම සහ 2017 වසරේදී ඉන්දුනීසියාවේදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඊට උදාහරණ කිහිපයකි.

කඩොලාන වනාන්තරවලින් ලැබෙන වාසි මොනවාදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පෙන්වා දෙයි.

1. භූමිය ආරක්ෂා වෙයි - සුළි සුළං, මුහුදු රළ, සුනාමි වැනි තත්ත්වයන්ගෙන් වෙරළ ඛාදනය අවම වීම කඩොලානවලින් සිදුවේ. එමගින් භූමිය මෙන් ම මනුෂ්‍ය ජීවිත ද ආරක්ෂා වේ.

2. ධීවර කර්මාන්තය පහසු කරවයි - මතස්‍යයින් කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව බහුලව ගැවසෙන අතර මතස්‍යයින් ගැඹුරු මුහුද කරා යන්නේ බිත්තර දමන කාලයට පමණක් බව මහචාර්යවරිය පවසයි. එහෙයින් ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වේ.

3. ප්‍රයෝජනවත් පැළෑටියකි - කඩොලාන කිරල කිරි/කැද වැනි ඖෂධීය පානයන් සැකසීම සදහා මෙන් ම කිරල මූඩි සැකසීමට ද ප්‍රයෝජනවත් වේ.

4. කාබන් ගබඩා කර ගනී - සාමාන්‍ය ගස්වලට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව කඩොලාන ශාකයට තිබේ.

2017 වසරේදී ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළු වාර්තාවේ දැක්වෙන්නේ, කඩොලාන හෙක්ටයාරයක කාබන් ටොන් 1023ක් ගබඩා කර ගන්නා බවය.

එය සාමාන්‍ය ගසක කාබන් ගබඩා කිරීමේ හැකියාවට වඩා පස් ගුණයකි. කඩොලාන ශාකයේ පත්‍රවල මෙන් ම විහිදී ගිය මුල්වල ද කාබන් තැන්පත් වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ.
Share:

0 comments:

Post a Comment

මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *