ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

ගණිතය විෂයභාර අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය...



testimonial

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවාසී අප මුහුණ නොදුන් අර්බුදයකට මුහුණ දීමට අප සැමට සිදුවී ඇත. කොරෝනා (Covid-19) ආසාධනය හේතුවෙන් ලෝකයටම ඇතිකර ඇති බලපෑම අති මහත්ය.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රටක සාම්ප්‍රධායික අධ්‍යාපනයද යම්කිසි ගැටළුකාරී තත්වයකට මුහුණ දීම සාමාන්‍යයය. නමුත් මේ සදහා අප මුහුණ දියයුතු වනවා පමණක් නොව ඒ සදහා විකල්ප අධ්‍යාපන ක්‍රමෝපායක් සොයා ගත යුතු වෙයි. මෙවැනි අර්බුදයක් නැවත ලෝකයට නොපැමිණේ යැයි සිතීම උගහටය. එබැවින්ද රුවන් පාසල් වෙත නොපැමිණ නිවසේ සිට තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සදහා නව ක්‍රමවේද සකසා ගත යුතුවෙයි.

මෙවැනි ක්‍රමවේද අතර එක් ක්‍රමවේදයක් ලෙස Online Education හැදින්විය හැක. මෙම Online Education මගින් විවිධ ක්‍රමවේද ඔස්සේ විවර කළ හැකි අතර ඉන් එකක් වන Blogger එකක් නිර්මාණය කොට අධ්‍යාපන අවශ්‍යතා පුළුල් කිරීම සදහන් කළ හැක.

මේ අභියෝගය ජයගැනීම සදහා ගම්පොල අධ්‍යාපන කලාපය ලෙස අපද "පන්හිඳ" නමින් කළ නිර්මාණය තුළින් අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ගේ අධ්‍යාපනය සදහා නව මංපෙත් විවර කරනු ඇතැයි මාගේ ඒකායන පැතුමයි.

එස්.එම්.ජේ.ටී.කේ. සේනානායක මිය

ගණිත විෂයභාර අධ්‍යක්ෂකතුමිය
කලාප අධ්‍යාපන කාර්යාලය
ගම්පොල


මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *