ගම්පොල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අධ්‍යාපන සාර සංග්‍රහය...

අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය...



testimonial

වර්තමානයේ මුළු ලෝකයටම මුහුණ දීමට සිදු වී ඇති (Covid - 19) අර්බුදකාරී තත්ත්වයට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිටද මුහුණ දීමටය සිදු වී ඇත. මෙම තත්ත්වය හමුවේ සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික හා දේශපාලනමය වශයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී ඇත.

මෙම අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අධ්‍යාපනය නව දිශානතියකට හැරවීමේ අවශ්‍යතාවයක් පවතී.

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණය භාවිතයෙන් දැනුම සෙවීමට මෙන්ම අභියෝගවලට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් කරා ගමන් කිරීමට මෙම අර්බුදකාරී තත්ත්වය මහඟු ආශීර්වාදයකි.

නව අදහස් ඇති නුතන පරම්පරාවේ දරුවන්ට අධ්‍යාපන අභියෝග ජය ගැනීම සඳහා ගම්පොල අධ්‍යාපන කලාපය මගින් නිර්මාණය කල මෙම ක්‍රමවේදය විශාල පිටුවහලක් වෙනු ඇතැයි අපේක්ෂා කරමි. මෙමගින් අභියෝග හමුවේ ප්‍රයෝගිකව ක්‍රියාකළ හැකි නව පරපුරක් බිහිකිරීමට හැකි වේවායි මාගේ ඒකායන පැතුමයි.

කේ.වී.එන්. ප්‍රදීපිකා මිය

අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂකතුමිය
කලාප අධ්‍යාපන කාර්යාලය
ගම්පොල


මෙතනින් සොයන්න

මධ්‍යම පළාත් ගණිත අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

Followers

පරිශීලකයින් ගණන

Total Pageviews

මේ සතියේ ජනප්‍රියම ලිපි

අපිත් එක්ක එකතුවෙන්න

ඔබේ අදහස් අපිට කියන්න

Name

Email *

Message *